මාකුඹුර බහුවිධ
ප්‍රවාහන
මධ්‍යස්ථානය
කොට්ටාව


ශ්‍රී ලාංකේය ප්‍රවාහනයේ
නව යුගය ඇරඹෙයි



යථාර් ථයක් වූ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය



මහකොළඹ නාගරික ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නගර සංවර්ධන උපාංගය (3K ව්‍යාපෘතිය) මගින්
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ හා ශ්‍රී ලංකා රජයේ
මූල්‍ය අනුග්‍රාහකත්වය මත රු. මිලියන 2,000 ක වියදමින් ඉදිකරන ලදි


ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ජාත්‍යන්තර තත්වයන්ට සමගාමී කරමින් ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මහජන අයිතියට පත්වන වගයි. ඔබගේ ගමනාගමන අවශ්‍යතා සඳහා බස් හා දුම්රිය සේවා එකම මධ්‍යස්ථානයකින් වඩාත් කාර්යක්ෂම ලෙස ලබා දීමට මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් පහසුකම් සලසා ඇත. මෙය අප රටේ වර්තමානයේ පොදු ප්‍රවාහනයේ පවතින දුෂ්කරතා සාර්ථකව ජය ගැනීමේ යෝධ පියවරක් වනු අත.

කොට්ටාව - මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය කොළඹ නගරය තුළ සහ අවට වාහන තදබදය අවම කිරීමේ සහ විශාල ජනපිරිසක් ජීවත් වන නාගරික ප්‍රදේශවලින් බැහැරටද සංවර්ධනය ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව කි‍්‍රයාත්මක කරන ලද ව්‍යාපෘතියකි. කාලය සහ ඉන්ධන වැනි වටිනා සම්පත් නාස්තිය අවම කරමින්, තිරසාර ආර්ථීක සංවර්ධනය උදෙසා දායකත්වය සැපයීම මෙහි අරමුණ වෙයි.



ප්‍රතිලාභ


බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් සැලසෙන සුවිශේෂ ප්‍රතිලාභ

  • බස් රථ සහ දුම්රිය සේවාවන් එකම ස්ථානයෙන් ලබා ගැනීමේ පහසුව
  • යථාකාල ධාවන කාලසටහන් ප්‍රදර්ශනය වීම
  • තාක්ෂණික සන්නිවේදන පහසුකම්
  • සුවපහසු මගී නැවතුම් ශාලා
  • සනීපාරක්ෂක පහසුකම්
  • ආපන ශාලා පහසුකම්
  • ATM සහ ඩිජි බැංකු පහසුකම්
  • පෞද්ගලික වාහන නවතා පොදු වාහන භාවිතා කිරීමේ පහසුකම්
  • WiFi පහසුකම්
  • කාලය සහ මුදල් ඉතිරිය
  • පරිසර හිතකාමී සුර්ය බලශක්ති භාවිතය


  • මාකුඹුරෙන් ආරම්භ වන දිගු දුර සේවාවන්
    මහරගමින් ආරම්භව අධිවේගී මාර්ගයේ ගාල්ල මාතර ධාවනය වූ බස් රථ 2019 අප්‍රෙල් 01 වන දින සිට මාකුඹුරෙන් ආරම්භව ධාවනය වේ.
  • මාකුඹුරෙන් ආරම්භ වන කෙටි දුර සේවාවන්
    138 පිටකොටුව (සාමාන්‍ය සහ සුඛෝපභෝගී සේවාවන්), 129 මොරගහහේන, 336 මාලඹේ, 345 අපේක්ෂා රෝහල සීමිත සේවා.
  • මහරගමින් ආරම්භ වී මාකුඹුර හරහා වන දිගු දුර සේවාවන්
    නුවර හරහා නාවලපිටිය, පොළොන්නරුව, අනුරාධපුරය, බලංගොඩ, බදුල්ල වැනි සේවාවන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ධාවනය වෙමින් මගී සේවාවන් සපයනු ඇත.
  • දුම්රිය ධාවන සේවාවන්
    කැලණි වැලි දුම්රිය, මාලපල්ල දුම්රිය ස්ථානය වෙනුවට වැඩි පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් වන මාකුඹුර දුම්රිය ස්ථානය ඔස්සේ කොටුව සහ අවිස්සාවේල්ල අතර ප්‍රවාහනය වනු ඇත.






© බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය - 2019

Solution By tekGeeks